Tuesday, August 2, 2016

Psychologyනෝවිද්‍යා


මානසික විද්‍යාව..මනෝවිද්‍යාව මගින් අපගේ සිත අපගේ හැසිරීම් සහ සමාජ සම්බන්දතා විස්තර කරයි. පුරාණ මනෝ විද්‍යාව මූලික වශයෙන් වෙන්වූයේ මිනිස් අත්දැකීම් සහ හැසිරීම් විස්තර කිරීම සඳහාය. වසර 1980 සිට මනෝවිද්‍යාව මගින් සිහිය, මොළය සහ ස්නායු පද්ධතිය අතර පවත්නා සම්බන්ධතාවය ගවේෂණයට පෙළඹිණි. 
නමුත්,විඥානය මගින් මොළයේ පවත්නා තත්වය හෝ මොළයේ පවත්නා තත්ව මගින් විඥානය තීරණය කරයිද යන්න පැහැදිලි නැත. නැතහොත් විඥානය යනු ද ස්නායු පද්ධතිය සමග සම්බන්ධතාවයක් නොමැති සංකීර්ණ අවස්ථාවක් ද?මෙය පැහැදිලි කරගැනීම සඳහා විඥානය හා මොළයේ ක්‍රියාකාරිත්වය අර්ථ දැක්වීම අත්‍යවශ්‍ය වේ.ප්‍රායෝගිකව ගත්කළ විශේෂයෙන්ම කෘත්‍රීම බුද්ධිය, ස්නායු මනෝවිද්‍යාව සහ ප්‍රජානන ස්නායු මනෝ විද්‍යාව යන අවස්ථාවල මෙය වැඩි වශයෙන් යොදා ගෙන ඇත.




මානව සංවර්ධන මනෝවිද්‍යාව

මානව සංවර්ධන මනෝවිද්‍යාව පිළිබඳව කතා කිරීමේදී ජින් පියාජේ පිලිබදව අධ්‍යනය කලයුතුය. ජින් පියජේගේ පියා ආතර් පියජේය. ඔහු ස්විස්ටලන්තයේ  නුචට්ල් විශ්ව විද්‍යාලයේ මාධ්‍යකාලින සාහිත්‍ය පිලිබඳ මහාචාර්යවරයා විය. පියාජේ යුවලට 1896 දී පිරිමි දරුවෙකු උපන්නේය. ඔහු පෙර කි ජින් පියජේය. ජින් පියාජේ පුංචි කාලයේ සිට අනේක් ළමුන්ට වාඩා වෙනස්වනට විය. ඉතා කුඩා කාලයේ සිට ජින් පියාජේ කරුණු දෙකක් විමසන්නට විය. 

ඒ සත්ව විද්‍යාව හා ස්වාභාවික විද්‍යාව පිළිබඳවය. ජින් විද්‍යාත්මක පර්යේෂණවල දිගු ගමන ආරම්භ කලේ ඔහුගේ වයස අවු 11 පමණ වන විටය. ඔහු 1970 වර්ෂයේදී සුදු ගේ කුරුල්ලන් පිළිබඳව කෙටි පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නට විය. ඒ වන විට වයස 11 කි. එදා ඔහු තැබූ පළමු පියවර අවසන් වුයේ ග්‍රන්ථ 60ක් හා පුවත්පත් ලිපි සඟරා දහස් ගණනකිනි.


ජින් සිය ප්‍රථම Ph.D උපාධිය නුචට්ල් විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තේ ස්වභාවික විද්‍යාව පිලිබඳවය.ඉන්පසුව ඔහු සුරිච් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුවත් එහි ඉගෙනීමට ලැබුනේ ඉතා කෙටි කාලයකි. මේ වනවිට මොහුගේ සිත ගොස් තිබුනේ සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සිදුකල මනොවිශ්ලේෂණවාදය පිලිබඳවය. කෙසේ වෙතත් මේ කාලයේදී මොහුගේ විවිධ ක්‍රියාකලාප නිසාවෙන් විශ්වවිද්‍යාලය තුල කැරලි කාරයෙක් ලෙස හංවඩු ගැසෙන්නට විය. එපමණක් නොව මොහුව විශ්වවිද්‍යාලයෙන් නෙරප හරින්නට විය.

ප්‍රංශයේ  පැරිස් නුවරට පියාජේ සේන්දු වන්නේ මේ ගැටුම් කාරීතත්වයෙන් හා ජිවන මාර්ගයක් නොමැතිවය. ඉරණම එතරම් අකාරුණික නැත. පැරිස් නුවර  බෙල්ස් විදියේ පිහිටි පිරිමි විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කිරීම අවස්ථාව ලැබිණි.

මෙම විද්‍යාලය අයිති වුයේ ලොව පළමු බුද්ධි පරීක්ෂණය ඉදිරිපත් කල, නිර්මාණය කල ඇල්ෆ්‍රඩ් බීනේ හටය. බීනේ සමග දෙවන බුද්ධි පරීක්ෂණය ඉදිරිපත් කලේ තියෝදර් ය. මේ දෙදෙනාගේ පර්යේෂණ කටයුතු සදහා සහය වීම පිණිස පියාජේ හට මිතුරු සයිමන්ගෙන් ආරාධනාව ලැබිණි. ඔහු ඉතා සතුටින් තම මිතුරාට හා හාම්පුතාට සහය විය.

බුද්ධි පරීක්ෂණ  අතරතුර පියාජේ හට කුඩා ළමුන්ගේ ගැටළු විසදීමේදී කිසියම් අමුත්තක් පෙන්නුම්  බව දැනෙන්නට  විය. එය සාමාන්‍ය දෙයක් යැයි ඔහු මුලදී කල්පනා කලත් කුඩා ළමුන් තුල දිගින් දිගටම මේ අමුත්ත ඔහු දුටුවේය. මේ අමුත්ත නම් කුඩා ළමුන් යම්කිසි නියත රටාවකට වැරදි පිළිතුරු දීම හෝ වැරදි අන්දමින් ගැටළු විසදිමය. නමුත් මාධ්‍ය වයසේ හා වැඩිහිටි සිසුන්ගේ කුඩා ළමුන්ගේ රටාව අනුගමනය නොකළ පමණක් නොව නිවැරදි ගැටළු විසදීමද සමත් විය. 

මේ සොයා ගැනීම පියජේගේ ජිවිතයේ මෙන්ම මානව සංවර්ධන මනෝවිද්‍යාව තුලද දැවැන්ත පෙරළියක් සිදු කරන්නට සමත් විය. එමගින් කියවුනේ තම පරිසරය තුලදී කුඩා ළමුන්ගේ සිතුවිලි රටා මනසිට ක්‍රියාවලින් හෙවත් ප්‍රජානන රටාවන් වැඩිහිටියන්ට වැඩ සහජයෙන්ම වෙනස් බැවයි. බාලාංශ ළමුන් පමණක් නොව තම දරුවන් තිදෙනාගේ උපතේ සිටම නොකඩවා නිරික්ෂනත්මකව සිටීමට ඔහු අමතක නොකළේය.  ඔව්න්ගේ හැසිරීම් රටා චර්යා මෙන්ම ඔව්න් ගැටවර වයසට පත්වන තෙක් නිරීක්ෂණය කිරීමට ඔහුට හැකි විය.    

තම පර්යේෂණ කටයුතු වල අවසන් ප්‍රතිපලය ලෙස ජින් පියාජේ කියා සිටියේ ළමුන්ගේ විමසිලිමත්බවට ලක්වන ලක්වන පරිසරය අභියෝග හේතු කොටගෙන ළමුන් තුල ප්‍රාජනන (බුද්ධිමය) සංවර්ධනයක් සිදුවන් බවත්, අභියෝග ජය ගැනීම සදහා වඩාත් සංකීර්න ප්‍රාජනන ව්‍යුහයක් ළමුන්ට තිබිය යුතු බවත්ය.

පියාජේ හට තමන්ටම කියා දරුවන් තිදෙනෙකු ලැබුනේ වැලන්ටයින්ට දාවය. ඔහු ඇව කරකාර බැන්දේ 1923 දිය. වැලන්ටයින් පියජේගේ ශිෂ්‍යාවකි.

1980 දී එනම් 84 වැනි වියේදී ජින් පියාජේ නම් මහා දාර්ශනිකයා මෙලොවින් සමුගන්නා තෙක්ම ඉතාම පියවි සිහියෙන් අධ්‍යනය කෙරෙහිම නැඹුරු වුවා සේම අවසන් හුස්ම හෙළුවේ තම මව්බිමේ, තමාට පිටුවහල් වීමට ඉඩ සැලැස්වූ ජිනිව නුවරදිමය.